ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
අද දිනය වනවිට එම ජලාශයෙන් සියයට 42 කට ආසන්න ප‍්‍රතිශතයක් පිරී ඇති බව මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරු පී.එස් බණ්ඩාර ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් ඉදිරි මහකන්නයේදී ගොවීන්ට බාධාවකින් තොරව ජලය ලබාදිය හැකි බවද මොරගහකන්ද ව්‍යාපෘතියේ භාරකාර ඉංජිනේරුවරයා පැවසුවා.
එම ජලාශයේ සමස්ථ ජල ධාරිතාව අක්කර අඩි 187, 110 ක්.