අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
අමාත්‍ය දයා ගමගේ මහතාට ද අද කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
අග‍්‍රාමාත්‍යවරයා සහ දයා ගමගේ අමාත්‍යවරයා ජනාධිපති කොමිසමට කැඳවා ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේදී රජයට පාඩූ සිදුවී ඇති බව පවසමින් ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනිම සඳහායි.
මේ සම්බන්ධයෙන් කොමිසමට සාක්ෂි ලබාදුන් වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා සදහන් කර ඇත්තේ 2015 වසරේදී මත්තල ගුවන් තොටුපලේවී ගබඩා කිරීම සම්බන්ධයෙන් එහි බලධාරීන් සමඟ සාකච්ඡුා පැවැත්වූ බවයි.
ගුවන් පථයට යාබදව ගුවන් භාණ්ඩ ගබඩා තිබීම සහ වායු සමීකරණ ඇතුළු විදුලි පද්ධති තිබීම හේතුවෙන් ගබඩා පහසුකම් ලබාදීම ගුවන් තොටුපල බලධාරීන් ප‍්‍රතික්ෂේප කල බව ද හිටපු සභාපතිවරයා කොමිසම හමුවේ පවසා තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ ද ඉල්ලීම මත, වී මෙට්ටි‍්‍රක්ටොන් 4 000 කට අධික ප‍්‍රමාණයක් ගුවන් තොටුපලේ ගබඩා කළ බවයි.
වීගබඩා කිරීම නිසා අදාල ගබඩාවේ විදුලි පද්ධතියට මෙන්ම වායු සමීකරණ පද්ධතියට ද හානි සිදුව ඇති බව මත්තල ගුවන් තොටුපලේ කලමනාකරු නලින් උපුල් කලංසූරිය මහතා ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.
අදාල සාක්ෂි පදනම් කර ගනිමින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කිරීම සදහා කොමිශන් සභා ආඥා පනතේ 16 වෙනි වගන්තිය යටතේ නීතිඥ නියෝජනයක් මගින් හෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අග‍්‍රාමාත්‍යවරයාට සහ දයා ගමගේ අමාත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.