News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු T20 තරගය ලබන 27

664 Views


ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු T20 තරගය ලබන 27

ශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියා පළමු 20 20 තරගය ලබන 27 වනදා පැවැත්වෙනවා. තරගාවලියට තරග 03 ක් ඇතුළත්. පළමු තරගය ඇඩිලේඞ් ඕවල් හීදී පැවැත්වෙනු ඇතී.
දෙවන තරගය 30 වනදා බි‍්‍රස්බේන් හීදීත් තුන් වන තරගය නොවැම්බර් 03 වනදා මෙල්බර්න් හීදීත් පැවැත්වීමට නියමිතයි.
ඔස්ටේ‍්‍රලියාවට එරෙහි 20 20 තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා.
ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් කන්ඩායමට ක‍්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පකිස්ථාන සංචාරයට සහභාගී නොවු ලසිත් මාලිංග – කුසල් ජනිත් – කුසල් මෙන්ඩිස් හා නිරෝශන් දික්වැල්ල කන්ඩායමට කැදවා තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලක – අවිශ්ක ප‍්‍රනාන්දු හා දසුන් ශානක – ශෙහාන් ජයසූරිය – භානුක රාජපක්ෂ – ඕෂධ ප‍්‍රනාන්දු – වනිදු හසරංග – ලක්ෂාන් සදකැන් කණ්ඩායමට ඇතුළත්.
නුවන් ප‍්‍රදීප් – ලහිරු කුමාර – ඉසුරු උදාන හා කසුන් රාජිත ද කන්ඩායමට කැදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post