News Line| Off Air
Generic placeholder image

Oct
18

ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක්

531 Views


ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක්

නොවැම්බර් මස මුල් සතිය තුල දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළා.

පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියා සිටියා.

වසරේ ගතවු මාස කිහිපය තුල ඩෙංගු රෝගීන් 55723 ක් වාර්තා වී තිබෙනවා.

මෙම මාසයේ ගතවු දින 17 තුලදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3998ක් වන අතර බස්නාහිර පලාතේ පමණක් ඩෙංගු රෝගීන් 26666 ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් මෙම වසරේ මිගොස් ඇති සංඛ්‍යාව 74 ක්.

මේ අතර ඉදිරියේ දී යාපනය දිස්ත්‍රීක්කයටද ඩෙංගු අවදානම වැඩි විය හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post