News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

අතුරු සම්මත ගිණුම ලබන 23 වැනිදා පාර්ලිමේන්තුව හමුවට

653 Views


අතුරු සම්මත ගිණුම ලබන 23 වැනිදා පාර්ලිමේන්තුව හමුවට

2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන 23 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එදින පෙරවරු 10.30 සිට සවස 06.30 දක්වා පාර්ලිමේන්තුව රුස්වීමටත්, මීට පෙර තීරණය කරතිබු පරිදි පසු දිනයේ (ඔක්තොම්බර් 24)පාර්ලිමේන්තුව රැස් නොවීමටත් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වුණා.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී අතුරු සම්මත ගිණුමට අමතරව පනත් කෙටුම්පත් 03 ක් දෙවන වර කියවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටද තීරණය වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post