News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් විදේශීය නිරික්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට

572 Views


ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් විදේශීය නිරික්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට

ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු වෙනුවෙන් ඇන්ෆල් ආයතනයේ දස දෙනෙකුගෙන් යුත් නිරීක්ෂණ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව පැෆරල් සංවිධානය පවසනවා.

ජනාධිපතිවරණයේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා ඇන්ෆල් ආයතනයේ නිරීක්ෂකයින් සිව් දෙනෙකු මීට පෙර පැමිණි අතර ඔවුන් පසුගිය 14 වනදා දිවයිනෙන් පිටත්ව ගිය බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඇන්ෆල් සංවිධානයේ තවත් නියෝජිතයින් 25 දෙනෙකු ජනාධිපතිවරණයට දින 10 කට පෙර ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වනු ඇති.

පැෆරල් සංවිධානය මේ වන විට ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා 160 දෙනෙකු යොදවා තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ජනාධිපතිවරණ දිනයේදී 6000 පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා එක් කිරීමට බලාපොරොත්තු වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post