ඉදිරි ජනපතිවරණය සදහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් මේ දක්වා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදක්වා නොමැති අතර ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අංශ ගණනාවක් ඔස්සේ ප්‍රකාශ කර තිබුනද එහි සම්පුර්න ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
සෑම පාර්ශවයක්ම මේ සම්බන්දයෙන් දැඩි අවධානයකින් යුක්තව පසු වන අතර විශේෂයෙන්ම රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන අපේක්ෂකයින්ගෙන් තැපැල් ඡන්දයට පෙර සිය ප‍්‍රතිපත්ත ප‍්‍රකාශ එළිදක්වන ලෙසට ඉල්ලීමක් කරන බවයි.