News Line| Off Air
Generic placeholder image

Oct
21

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වී මාස 06ක් සපිරෙයි

1313 Views


පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වී මාස 06ක් සපිරෙයි

රටටම මහා ශෝකාන්විත දිනයක් කරමින් අමනුෂිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට (21) මාස 06ක් සම්පුර්ණ වෙනවා. පසුගිය අප්‍රේල් මස 21 වැනිදා ඉස්ලාමිය අන්තවාදී බෝම්බකරුවන් පිරිසක් කතෝලික දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03 ක් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 260 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පවත් වුණා.

එමෙන්ම තවමත් එම අමිහිරි වේදනාවන් විදින පුද්ගලයින් 503 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 290 කට අධික පිරිසක් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post