News Line| Off Air
Generic placeholder image

Oct
22

ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ක්‍රීඩකයා පිටියට සමුදීමට තීරණය කරයි

536 Views


ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ක්‍රීඩකයා පිටියට සමුදීමට තීරණය කරයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ප්‍රංශ ක්‍රීඩක සෙබස්තියන් වහාමහිනා රග්බි පිටියට සමුදීමට තීරණය කොට තිබෙනවා.

ඔහු මේ බව අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සමු ගැන්ම ලෝක කුසලානයේදී තමන්ට ලැබුනු කළුපැල්ලම හේතුවෙන් ලබා ගත්තක් නොවන බවත් එය තමා පෙර සිටම සැලසුම් කරන ලද්දක් බවත් කියා සිටියා.

28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තරගයේදී තියුනු තරගයකින් පසු ලකුණු 20-19 ක් ලෙස පරාජය වීමට ප්‍රංශයට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.


News Articles
Latest Videos
Most Popular Post