News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවයි

558 Views


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සියලුම පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වේයැයි බියෙන් පසුවන කන්ඩායමක් සමාජයේ සිටින බව ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවීමෙන් කටයුතු කරන අතරතුර පාක්ෂිකයන්ගේ මනස අවුල් කිරීමට ඇතැම් පිරිස් උත්සහ දරන බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post