News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

රූපවාහිනිය හමුවේ තමා සමග සජිවි විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් ගෝඨා ට අභියෝගයක්

1575 Views


රූපවාහිනිය හමුවේ තමා සමග සජිවි විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් ගෝඨා ට අභියෝගයක්

සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

සිය නිල ටිවිටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදි ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරිමට හැකි බව ඔහු සදහන් කළා.

ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමඟ ලේඛණගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බව මෙහිදි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

 


News Articles
Latest Videos
Most Popular Post