News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

හිස්බුල්ලාට නඩු පවරන්නැයි නිර්දේශයක්

927 Views


හිස්බුල්ලාට නඩු පවරන්නැයි නිර්දේශයක්

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති අපේක්ෂක එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට නඩු පැවැරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර ඇති හෙයින් ඔහුට මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ඒ පිළිබඳව සොයා බැලූ කාරක සභාව සිය නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයාට යොමුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද(23)පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් නීති විරෝධීව කටයුතු කර ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post