ලෝක ක්‍රිකට් ආයතනයන්හි ප්‍රබල ආයතනයක් වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව එම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ පුටුවට හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතා තේරී පත් වී තිබෙනවා. මුම්බායිහිදී ඊයේ පැවැති රැස්වීමකදී ඔහුව ඒ අනුව ඒකමතිකව තේරී පත් වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක අධීක්‍ෂණය යටතේ මෙම පාලක මණ්ඩලය පාලනය වනවා. සව්රව් ගංගුලි මහතා බෙන්ගාල් ක්‍රිකට් සංගමය නියෝජනය කරන අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක නායකයකු ලෙස වැඩ කටයුතු ඔහුට සිදු කල හැකි බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.