News Line| Off Air
Generic placeholder image

Oct
25

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

704 Views


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

ඉදිරි ජනපතිවරණය සදහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට සිට ජනතාවට බෙදා හැරීමට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරනු ලබන බව වාර්තා වෙනවා.

එමෙන්ම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට නොවැම්බර් මස 09 වන දිනට පෙර තම අනන්‍යතාව තහවුරුකොට තැපැල් කාර්යාලය වෙත ගොස් එම ජන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවයි එම කොමිසම සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post