News Line| Off Air
Generic placeholder image

Oct
25

දෝනිත් සිය ක්‍රිකට් දිවියට තිත තියයිද?

725 Views


දෝනිත් සිය ක්‍රිකට් දිවියට තිත තියයිද?

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි මිට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දුන් අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු එක්දින පිටියෙත් අවසන් අදියරට පැමිණ ඇති බවයි.

දෝනි සිය අවසන් වරට එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ පසුගිය ජුලි මාසයේදී ඒ එංගලන්තයට එරෙහිවයි. ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20 යි 20 තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

දෝනි එරට ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම නායකයෙක් ලෙස පිළිගැනෙන අතර ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 90 ක්, එක්දින තරග 350 ක් සහ විස්සයි විස්ස 98 ක් ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම බොහෝ ජයග්‍රහණ අත් පත් කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post