අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මාර්තු 3 වනදා ඔවුන් පැමිණෙන අතර ටෙස්ට් තරග 2 කට/ 3 දින පුහුණු තරගයකට සහ සිව් දින පුහුණු තරගයකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහභාගීවනු ඇති.
3 දින පුහුණු තරගය මාර්තු 7 වනදා කටුනායකදී ආරම්භ වන අතර සිව් දින පුහුණු තරගය මාර්තු 12 වනදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
පළමු ටෙස්ට් තරගය මාර්තු 19 වනදා සිට ගාල්ලේදීත් 2 වන ටෙස්ට් තරගය මාර්තු 27 වනදා සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.