News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

හෙට සහ අනිද්දා දිනවල වැසි තත්වයේ වර්ධනයක්

763 Views


හෙට සහ අනිද්දා දිනවල වැසි තත්වයේ වර්ධනයක්

හෙට සහ අනිද්දා දිනවල උතුර නැගෙනහිර උතුර මැද සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළා.

නැගෙනහිර උතුර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 – 150ක පමණ තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post