News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

947 Views


ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසයි

ඇල්ල වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

අයහපත් කළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ එම මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්න ප්‍රදේශයේ කන්දක් නායයාමකට ලක්ව පස් සහ ගල් මාර්ගයට වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගය ඊයේ පස්වරු 06.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරින් විසින් තීරණය කළා.

කෙසේවෙතත් නායයාමට ලක්වූ ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් විසින් තවදුරටත් පරික්ෂාවට ලක් කරන අතර ඒ හේතුවෙන් මෙම මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post