News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

1104 Views


ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එළිදැක්වුණා.

‘අනුර සමග රට හදන හැටි ’ අපේක්ෂාවේ උදානය ලෙස එය නම් කර තිබෙනවා.

ඒ සඳහා වන උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා.

මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නිතිමය බැඳීමක් පවතින ආකාරයේ නීතියක් සම්පාදනය කිරීම සිය ප්‍රමුඛ අරමුණ බව සිය ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.

එමෙන්ම, බලවත්, දුප්පත්, ධනවත්, දුබල යන සියලු දෙනාට සාධාරණය ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කරමින් අධිකරණ ක්‍රියාවලිය ප්‍රතිසංවිධාන කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post