News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වෙයි

915 Views


ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ වෙයි

ලබන මස 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එහි මූලික අදියර ලෙස තැපැල් මූලස්ථානයේ සිට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් හරහා තැපැල් කාර්යාලවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා යොමු කිරීම අද දිනයේදි සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියා.

අනතුරුව ලබන සඳුදා සිට ඡන්ද දායකයින් හට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම තැපැල් කාර්යාල හරහා සිදුකරන බවද තැපැල්පතිවරයා සඳහන් කළා.

ලබන මස 03 වන ඉරුදින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post