News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

අදත් දිවයිනේ බොහෝ පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

601 Views


අදත් දිවයිනේ බොහෝ පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත් වල වැසි තත්ත්වය 29 වනදා දක්වා වර්ධනය වන ලකුණු ඇත.
(විශේෂයෙන් උතුරු, නැගෙනහිර, ඌව, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල)
උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. (150-200) ත් අතර ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.
විශේෂයෙන්ම මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වල (නුවරඑළිය, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල) සහ දකුණු සහ වයඹ පළාත්වල් ඇතැම් ස්ථාන වල සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.


News Articles
Latest Videos
Most Popular Post