තමිල්නාඩුවේ – නඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ අත්හැර දමන ලද අඩි 100 ක් පමණ ගැඹුරු නළ ළිඳක සිරවී සිටින දෙහැවිරිදි කුඩා දරුවා බේරාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
පසුගිය සිකුරාදා ඔහු නිවසට යාබදව සෙල්ලම් කරමින් සිටියදී මෙම ළිඳට වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. සිකුරාදා පස්වරු හයේ සිට ආරම්භ කළ මුදාගැනීමේ මෙහෙයුම් පැය 50 කටත් අධික කාලයක් පුරා ක්‍රියාත්මකයි.
මෙහෙයුමේ යේදී සිටින්නන් දරුවාට හුස්ම ගැනීමට පහසු වන ලෙස මඩ ස්ථර තුළට ඔක්සිජන් පොම්ප කරන බව සදහන්.
දරුවා වැටුණු නළ ලිඳට යාබදව උමං මාර්ගයක් තනා ඒ ඔස්සේ දරුවා මුදාගැනීමට සැළසුම් කර ඇති අතර, තමිල්නාඩු වාර්තා සඳහන් කළේ මේ වනවිට එම උමං මාර්ගය කැනීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.
තමිල්නාඩු ප්‍රන්ත සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය සී. විජයබාස්කර් සහ සංචාරක අමාත්‍ය එන්. නාගරාජන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ සිකුරාදා රාත්‍රියේ සිට එම ස්ථානයේ රැඳී සිටින බව සදහන්.
එම නළ ලිඳේ සිරවී සිටින සුජිත් විල්සන් නැමති දරුවාගේ මව දරුවා බේරාදෙන ලෙස ඉල්ලමින් හඩා වැළපෙන බව ඉන්දීය ප්‍රදේශීය වාර්තාකරුවන් සදහන් කළා.