News Line| Off Air
Generic placeholder image

Oct
29

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගයේ කාලය තව දුරටත් දිගු කෙරේ

583 Views


මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගයේ කාලය තව දුරටත් දිගු කෙරේ

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා යලි කාලය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ මරණ දඩුවම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේය.

පෙත්සම් කරුවන් සදහන් කලේ තෝරාගත් වරදකරුවන් පිරිසකට පමණක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බවත් එතුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන අයිතිය ලැබීමට ඇති මූලික හිමිකම උල්ලංඝනය වන බවත් පෙන්වා දෙමින්ය.


News Articles
Latest Videos
Most Popular Post