News Line| Off Air
Generic placeholder image

Oct
29

අයහපත් කාලගුණය එළවළු මිල තව දුරටත් ඉහළ යවයි

588 Views


අයහපත් කාලගුණය එළවළු මිල තව දුරටත් ඉහළ යවයි

පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙදපොලේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල ගොස් තිබෙනවා. මිට හේතු වශයෙන් එහි කළමනාකරු සදහන් කලේ පවතින වැසි තත්වය හේතුවෙන් ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීම, ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීම, වැනි කරුණු හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහල ගොස් ඇති බවයි.

ඒ අනුව අද උදැසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පැවතියේ මෑකරල් කිලෝවක් රුපියල් 140ක්, වම්බටු කිලෝවක් රුපියල් 70ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 80ක්, අමුමිරිස් කිලෝවක් රුපියල් 250, කරවිල කිලෝවක් රුපියල් 250, මාලුමිරිස් කිලෝවක් රුපියල් 300, ගෝවා කිලෝවක් රුපියල් 120ක් යනාදී ලෙසයි. එමෙන්ම සිල්ලර වෙළෙදපොලේ මිට වඩා මෙම ගණන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post