ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්දනය වන ආකාරයට සියලුම වාහන වල ඇති වැකි, සළකුණු, ඡායාරූප, ඇතුළු ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ඒ පිලිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල බලධාරීන්ට නියෝග නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් බවයි.