උඩරට දුම්රිය මාර්ගය පවතින අධික මගී ඉල්ලුම පිළිබද අවධනය යොමු කරමින් නව දෙනුවර මැණිකේ නමින් සුඛෝපභෝගි දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතුකර තිබෙනවා.
කොළඹ කොටුව – බදුල්ල බලා ධාවනය මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 3 කින් හා ඒ අනුව සියලු මැදිරි 07 කින් සමන්විත වන අතර කල් වෙලා ඇතිව මෙහි මැදිරි වෙන්කරගත හැකි බවයි දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කලේ.