News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ඔබේ ගෙදර ඉන්න බෝනික්කටත් හොල්මනක් වැහෙයිද.? අවධානයෙන් ඉන්න

3125 Views


ඔබේ ගෙදර ඉන්න බෝනික්කටත් හොල්මනක් වැහෙයිද.? අවධානයෙන්   ඉන්න

ඔබ හොල්මනක් දැකල තියේද ? සමහරු ඔව් කියාවි, සමහරු නෑ  කියාවි. ඔය අතර තවත් සමහරු හොල්මන් කියල දෙයක් නෑ කියාවි. එතකොට තව ටික දෙනෙක් චන්ඩි කමට කියනවනේ යකට බයනම් සොහොනේ ගෙවල් හදන්නෙ  නෑ  කියල. හැබැයි ඉතිං  එහෙම කියන අය තමයි හොල්මනක් දැක්කම මුලින්ම අතුරුදහන් වෙන්නෙ.
ඒ කොහොම උනත් Horror  Films  එහෙම නැත්තම් හොල්මන් Films අද කලේ මාර ප්‍රසිද්ධයි. මතක ඇතිනේ Conjuring ෆිල්ම් එක කොච්චරනම් පෙරලියක් කරද කියලා. Film  එක බලන අතර කිහිපදෙනෙක් Heart attack හැදිලා ජීවිතේටත් සමුදුන්නා. අලුත්ම හොල්මන් Film එක තමයි David F. Sandberg අධ්‍යක්ෂණය කරන “Annabella Creation”.
බෝනික්කෝ හරහා ක්‍රියාත්මක වන නොපෙනෙන බලවේග ගැන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නෙ. හැබැයි ඉතින් මේක බලලා බය වෙලා ගෙදර තියෙන බෝනික්කෝ ටිකනම් විසික් කරන්න එපා.
මේ තියෙන්නේ Film එකේ පූර්ව ප්‍රචාරක පටය
https://www.youtube.com/watch?v=KisPhy7T__Q


News Articles
Latest Videos
Most Popular Post