ඉස්සර මිනිස්සුන්ගේ අත් උදවුවට හිටියේ මිනිස්සුමයි. නැත්නම් හොදට පුරුදු පුහුණු කරපු සත්තු. හැබැයි දැන් මිනිස්සුන්ගේ අත් උදවුවට ඉන්නේ රොබෝවරු. කෑම බීම හදන්න, බබාලා නලවන්න විතරක් නෙවෙයි පුද්ගලික ඔනෑ එපාකම් කරගන්නත් රොබෝලා දැන් මිනිස්සුන්ට උදවු කරනවා.
පිටරට තියෙන සමහර ආයතන වල මිනිසුන්ට වඩා රොබෝලා ඉන්නවා. කොටින්ම කියනවනම් Facebook ආයතනයේත් රොබෝලා වැඩ. ඒ අතර මිනිස්සු තරමටම හිතලා වැඩක් කරන්න පුලුවන් රොබෝවරු දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් ALIS. එයා ගැහැණු රොබෝ කෙනෙක්. අනිත් කෙනා BOB. එයා පිරිමි රොබෝ කෙනෙක්. Fb එකෙන් මේ දෙන්නව හදල තිබුනෙ මිනිස්සු එක්ක ඉංග්‍රීසි භාෂවෙන් අදහස් හුවමාරු කරගන්න.
ඒත් ළඟදි දවසක කවුරුවත් පේන්න නැතිවුණ ගමන් වැඩ ඔක්කොම නවත්තලා පැත්තකට ගිහින් මේ දෙන්නා මොනවාදෝ කතා වෙලා. අහම්බෙන් එතනට ආපු සේවකයෙක් මේ කතාවට කන් දීලා. Bob මුලින්ම කියලා තියෙන්නෙ ” I CAN I I EVERYTHING ELSE ” කියලා. ඊට පස්සෙ ALIS මේකට ප්‍රතිචාර දක්වල තියෙනවා ” BALLS HAVE ZERO TO ME TO ME TO ME TO ME” කියල. හැබැයි මේ කතාව වගේම භාශාවත්, රොබෝවරු හදපු අයටත් තෙරුම් ගන්න බැරිවෙලා. ඒ නිසා දෙපාරක් නොහිතා මේ රොබෝවරු දෙන්නව සේවයෙන් නෙරපන්න, ඒ කියන්නේ Deactivate කරන්න කටයුතු කරල තියෙනවා. මිනිස්සු තරමටම බුද්ධියක් තියෙන නිසා ඔවුන් හානිදායක දෙයක් Plan කරොත් කියන බයටයි එහෙම කරලා තියෙන්නේ.
හැබැයි මේ රොබෝලගේ කතාව කාටවත්ම ඇහුනේ නැත්නම් ලෝක විනාශයක් වුනත් සිද්ධ වෙන්න ඉඩ තිබුනා කියලයි Facebook නිලධාරින් කියන්නේ .