Power Bank කියන්නේ Smart Phone තියෙන කෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා. මොකද Smart Phone වල බැටරි බහින විදියට Power Bank එක්ක නැති වුනොත් මුකුත් කර ගන්න බෑ. හැබැයි ගොඩක් අය Power Bank පාවිච්චි කරාට ඒක ගැන හරියට දන්නෙ නෑ. ඒ නිසා Power Bank ගැන විස්තර ටිකක් කියන්න සියත 24 හිතුවා.
1. Power Bank ධාරිතාව ගැන සැලකිලිමත් වෙන්න
එක එක ධාරිතාවන්ගෙන් Power Bank තියෙනවා. mAh එහෙම නැත්තම් පැයට මිලි ඇම්පියර් වලින් තමයි ඒවගේ බලය ගණනය කරන්නේ. ඔබේ Smart Phone එකේ බැටරිය 4000mAh නම් 10,000mAh ධාරිතාව තියෙන Power Bank එකකින් සම්පූර්ණයෙන් 2 පාරක් සහ අසම්පූර්ණව එක වරක් Charge කරගන්න පුළුවන්.

2. ලැප්ටොප් Charge කරන Power Bank
වෙළදපොලේ තියෙන හැම Power Bank එකකින්ම ලැප්ටොප් Charge කරන්න බෑ. එකට අඩුම වෝල්ට් 16 – 20 අතර බලයක් තියෙන Power Bank එකක් ඕන.

3. ආයු කාලය
සාමාන්‍යයෙන් Smart Phone එකක වගේ Power Bank වලත් පාවිච්චි කරන වාර ගණන අනුව තමයි ආයු කාලය තීරණය වෙන්නේ.

4. Power Bank චාජ් වෙන්න වැඩි වෙලාවක් ගන්නේ ඇයි?
සාමාන්‍යයෙන් එක එක Power Bank චාජ් වෙන්න ඒවාට අවේනික කාලයක් ගන්නවා. ඒ වගේම ඔබ චාජ් කරන විදිය අනුවත් ( පරිගණකය හරහා හෝ කෙලින්ම විදුලිය හරහා ), යූ.එස්.බී. කේබල් එකේ ගුණාත්මකභාවය අනුවත් එක තීරණය වෙනවා.

5. Power Bank එකකින් වේගයෙන් Smart Phone චාජ් කරන විදිය
ඔබේ Smart Phone එක ෆ්ලයිට් මූඩ් දාලා චාජ් කරන්න. එතකොට Auto ඩවුන්ලෝඩ් වෙන්නේ නැති නිසා ඉක්මනට චාජ් වෙනවා. එතකොට බැටරියේ ආයු කාලයත් වැඩි වෙනවා.