ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05) බාරදීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති බව සදහන්.
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කර තිබෙනවා.