News Line| Off Air
Generic placeholder image

Nov
5

අයි.එස්. සංවිධාන නායකගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

641 Views


අයි.එස්. සංවිධාන නායකගේ සොහොයුරිය තුර්කි හමුදා අත්අඩංගුවට

අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් – බග්ඩාඩිගේ සොහොයුරිය වන රස්මියා අවාඞ්, තුර්කි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා සිරියාවේ ඇමරිකානු හමුදා සිදුකළ මෙහෙයුමක් අතරතුර අබුබකර් අල් – බග්ඩාඩි ජීවිතක්ෂයට පත්වුණා.

උතුරුදිග සිරියාවේ අසාස් නගරයේදී බග්ඩාඩිගේ සොහොයුරිය අත්අඩංගුවට ගනු ලැබූ බව තුර්කි බලධාරීන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇති බව සදහන්.

සැකකාරියගේ සැමියා සහ ලේලියගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවත්, අයි.එස්. සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඇය වෙතින් හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇති බවත් තුර්කි ආරක්ෂක අංශ විශ්වාසය පළ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post