තුන් ලෝ වාසීන්ගේ වන්දනාවට පාත්‍ර වන බුදු පියාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත කොට සකසන ලද ථෙරවාද ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන අයදුම්පත ඊයේ අදාල කමිටුවේ විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතා භාර දී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම වසර මුලදී ජනපතිවරයා විසින් ලෝක පුජිත ත්‍රිපිටකය අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් ශ‍්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කල අතර ඉන්පසු
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරියට භාරදුන් අතර එහිදී ත්‍රිපිටකය ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීම සදහා අයදුම්පතක් සකස් කිරීම සදහා වෙන කණ්ඩායමක් පත් කරන ලදී.
ඒ අනුව මහාචාර්ය මැදගම්පිටිය විජිත ධම්ම හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් සැකසුනු මෙම අයදුම්පත ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙනවා.