News Line| Off Air
Generic placeholder image

Nov
6

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම යුග මෙහෙවරක් – ජනපති

849 Views


මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම යුග මෙහෙවරක් – ජනපති

මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පවසනවා.

අද (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා.

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 998ක වියදමින් ඉදිකෙරුණු පුලතිසිපුර විද්‍යාපීඨයේ තෙමහල් ගුරු නේවාසිකාගාරය විවෘත කිරීමද අද ජනාධිපතිතුමා අතින් සිදු වුණා.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 69ක වියදමින් මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාලයේ ගොඩනැඟිලි 04 ක් අලුත්වැඩියා කෙරුණු අතර එම පංතිකාමර ගොඩනැඟිලි සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ද එතුමා සහභාගි වී තිබෙනවා.

රජයකට රටේ අනාගතය වෙනුවෙන් කළහැකි ඉහළම ආයෝජනය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම බව එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post