News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

අයි.එස්. ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

833 Views


අයි.එස්. ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

අයි.එස්. සටන්කාමීන් විසින් ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

දේශ සීමාවේ පිහිටි ආරක්ෂක මුරපොලේ නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව සටන්කාමීන් 20 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරයෙන් අනතුරුව සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සටන්කාමීන් විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර පසුගිය මාස කිහිපය තුළ ටජිකිස්ථාන් වෙත එල්ලවූ ප්‍රහාර කිහිපයක වගකීම අයි.එස්. සටන්කාමීන් විසින් භාරගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post