News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

හක් බෙල්ලන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

811 Views


හක් බෙල්ලන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව හා මන්නාරම පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් 2,432ක් ළඟ තබා ගත් පුද්ගලයෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය නිලධාරීන් පිරිසක් එක්ව මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී අදාළ හක්බෙල්ලන් තොගයක් නිවසක සඟවා තිබියදී පුද්ගලයෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 30ක් වන ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාස දූෂණ මර්දන ඒකකය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post