News Line| Off Air
Generic placeholder image

Nov
11

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට

1019 Views


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට

නවකවදය ලබාදීමේ සිද්ධියකට අදාළව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුලු ස්ථාන කිහිපයකදී පහරදී වද දුන් බවට සිසුන් 04 දෙනෙකු විසින් කරන ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

පහරදීම් නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සිසුන් දෙදෙනෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන බදුල්ල පොලිසිය ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post