News Line| Off Air
Generic placeholder image

Nov
12

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

1152 Views


ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද යි.

ශී‍්‍ර ලාංකික බෞද්ධ බැතිමතුන් සැමට ඉතා වැදගත් පොහොය දිනයක් වන මෙහි වැදගත්කම් රැසක් තිබෙනවා.


මෛතී‍්‍ර බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ අද වගේ පොහෝ දිනකයි. එමෙන්ම ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප‍්‍රචාරය සදහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් ප‍්‍රචාරණය කළ යුතු දිනය වීම, වීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම පොහොය වැදගත් කීපයක් වනවා.

එමෙන්ම අගසව් සැරියුත් මා හිමියන් පිරිණිවන් පෑම, ථූපාරාම චෛත්‍ය ඉදිරිකිරීම යන ඒවාද සිදුවුණේ අදවන් උතුම් පොහෝ දිනකයි.

මෙවැනි වැදගත්කම් රැසක් සිදු වූ ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ ඔබට පිං රැස්කර ගැනීමට හැකිවන උතුම් පොහොය මංගල්‍යයක් වේවා…..


News Articles
Latest Videos
Most Popular Post