News Line| Off Air
Generic placeholder image

Nov
11

ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවෙයි

691 Views


ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවෙයි

මේ මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවත් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ මිලට සමාන මිලකට ඉන්ධන අලෙවි කරන බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනසක් සිදු නොවූ බැවින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බව එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සෑම මසකම 10 වන දින ලෝක වෙළදපලේ මිල ගණන් අනුව මුදල් අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලැබූ අතර ඒ අනුව, ඉන්ධන මිල පහත පරිදි පවතිනු ඇත.

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – රු. 137
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 – රු. 161
ඔටෝ ඩීසල් – රු. 104
සුපර් ඩීසල් – රු. 132


News Articles
Latest Videos
Most Popular Post