දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම වසර 14කට පසු සමනළ වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් එක් වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාවක් පවතින බව සඳහන්.
පසුගිය දින කිහිපය තුළම ඇද හැලූණු අධික වැසිත් සමග සමනලවැව ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.