ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන බව සදහන්.
පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.