නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩකා අගනුවර වෙත ගමන් ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියක්, චිතගොං නගරය වෙත ගමන් ගත් දුම්රියක ගැටීමෙන් අද අලූයම මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහිදී දුම්රියේ මැදිරි 3ක් පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරට හේතුව පිළිබදව පරීක්ෂණ පැවැත්වෙන බව බංග්ලාදේශ දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරෙන් පසු ඩකා නුවරින් පිටතට ගමන් ගන්නා දුම්රිය සේවා අත්හිටුවා ඇති බව සදහන්.