දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,856 ක් සඳහා එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.
ඊයේ (11) ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිලධාරීන් දෙදෙනෙක් වශයෙන්ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිලධාරිනියක් සහ පිරිමි නිලධාරියෙක්ද වශයෙන් රාජකාරියේ යෙදවීමට නියමිතයි.
ඒ අනුව, 12,856 ක් වන ඡන්ද මධ්‍යස්ථාන සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 25,712 ක්.
එසේම ඡන්ද පොළවල් සියල්ලම ආවරණය වන ලෙස දිවයින පුරා පොලිස් ජංගම සංචාර 3,043ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.