News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන්

571 Views


ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන්

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියළුම පාසල් අනිද්දා පාසල් වේලාවෙන් පසු අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් වෙත ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා.

ඒ අනුව ආරක්ෂක රාජකාරී සහ සාමාන්‍ය රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 60,175 දෙනෙකු යොදවා තිබෙනවා.

ඊයේ දිනය වන විට ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3519ක්. ඉන් 3387ක් ලැබී ඇත්තේ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන්.


News Articles
Latest Videos
Most Popular Post