වඩාත් බලගතු සහ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ තරම් විනාශයක් සිදු කළ හැකි ප‍්‍රබළ සුළි කුණාටුවක් ලෝකය අභියස ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා.
වසර සියයකට පෙර තිබූ තත්ත්වයට වඩා තුන් ගුණයකින් යුතු ප‍්‍රබළ සුළි කුණාටුවක් ඇති විය හැකි බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා.
එහි ප‍්‍රබලත්වය මෙන්ම සිදු විය හැකි හානියද පුරෝකථනය කළ නොහැකි බව විදඥයින්ගේ අදහස වන බව සදහන්.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙවැනි ප‍්‍රබල සුළි කුණාටුවක් ඇති වීමට හේතුව බවද ප‍්‍රකාශ කර ඇති අතර මෙම සුළි කුණාටුවේ බලපෑම වැඩි වශයෙන් එල්ලවිය හැකි රටවල් පිළිබද ඔවුන් කිිසිවක් සදහන් කර නැහැ.
1900 වසරේ සිට 2018 දක්වා ලෝකයට බලපා ඇති සූළි කුණාටු සංඛ්‍යාව 240 කට අධිකයි.