News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

වසරේ මේ දක්වා කාලය තුල ෆේස්බුක් සමාගම ව්‍යාජ ගිණුම් බිලියන 5ක් ඉවත් කරයි

613 Views


වසරේ මේ දක්වා කාලය තුල ෆේස්බුක් සමාගම ව්‍යාජ ගිණුම් බිලියන 5ක් ඉවත් කරයි

ව්‍යාජ ගිණුම් බිලියන 5යි දශම 4ක් වසරේ මේ දක්වා කාලය තුල ඉවත් කළ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබෙනවා.

ව්‍යාජ තොරතුරු පැතිර යාම මෙහි අරමුණ බවයි එම සමාගම සඳහන් කළේ. සාමාන්‍යයෙන් ලොවපුරා පරිශීලකයින් අතරින් සියයට 5ක ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම් බවට හදුනාගෙන ඇති බව සදහන්,

ෆේස්බුක් සමාගම සඳහන් කළේ ව්‍යාජ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම් මේ වසරේ සියයට 16කින් පමණ ඉහල ගොස් ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය ඒ අතරින් පෙරමුණේ පසුවන අතර පිළිවෙලින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් එවැනි ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වන බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post