News Line| Off Air| Games
Generic placeholder image

Nov
15

2019 – ජනපතිවරණයට සියල්ල සුදානම්

347 Views


2019 – ජනපතිවරණයට සියල්ල සුදානම්

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු හෙට පස්වරු 05 යි 30 න් පසුව ආරම්භ කෙරෙන අතර මධ්‍යස්ථාන 1550 කදී ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

තැපැල් ඡන්ද ගණන් කිරීම සදහා මධ්‍යස්ථාන 371 ක්ද කොට්ඨාශ මට්ටමේ ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1179 කදී ද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් එක් කෝටි 59 ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා තිබෙනවා.

අද දිනය තුලද මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු සම්පුර්ණයෙන් තහනම් වන අතර ජනාධිපතිවරණයේ නිහඩ කාලසීමාව තුල මැතිවරණ නීති උල්ලංඝනයට අදාළව එක් පුද්ගලයෙකු අත්අංඩංගුවට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

මැතිවරණ නීති උල්ලංගනය කිරිම්වලට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 83 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ද වන බවයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිසමට පැමිණිලි 3821 ක් ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post