News Line| Off Air
Generic placeholder image

Nov
16

ඡන්ද විමසීම ආරම්භ වෙයි

414 Views


ඡන්ද විමසීම ආරම්භ වෙයි

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (16) උදෑසන 7.00ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් කරමින් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ, උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙසයි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

මේ අතර මෙවර මැතිවරණයේද දෙස් විදෙස් නිරීක්ෂකයින් විසින් නිරීක්ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන නිරීක්ෂකයින් ගණන පන්දහසකට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post