News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ඡන්දයට පොලීසිය සීරුවෙන්

546 Views


ඡන්දයට පොලීසිය සීරුවෙන්

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව ඒ මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ගෙන් ලබා දෙන ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම පොලිස් ජංගම සංචාර ද ක්‍රියාත්මක කරන බව ද පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post