මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ 950ක ඡන්ද මධ්‍යස්ථාන 959 ක දී ඡන්ද දායකයින් 1,331,705 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, ජනතාව අද උදෑසන සිට ඉතා උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථානය වෙත එන බව අප වාර්තාකරු පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින තුන්වන මැතිවරණ කොට්ඨාශය වීම ද විශේෂත්වයකි.