News Line| Off Air
Generic placeholder image

Nov
16

ජනපති මෛත්‍රී ජාතිය අමතයි

768 Views


ජනපති  මෛත්‍රී ජාතිය අමතයි

මෙවර ජනාධිපතිවරණය මෙතරම් සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුනේ තමා නිර්පාක්ෂික වීම හේතුවෙන් බවට විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

තම ධුර කාලය තුල යුගයට අවශ්‍ය විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ බවද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිතිවරයා සඳහන් කළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළ අතර එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන බවද එතුමා පැවසුවා.

එම සිද්ධීය පැහැදිළි ලෙසම වළක්වා ගැනීමට හැකියාව තිබු සිදුවීමක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා තුළ බොහෝ දේ ඉටු කිරීමට හැකියාව ලැබුනු තම රජයේම පාර්ශවයන් සහ තමා අතර තිබු ප්‍රතිපත්තිමය ගැටුම් මෙන්ම දේශපාලන ගැටුම් හේතුවෙන් ආණ්ඩුව තුල බරපතළ අර්බුධ ඇතිවු බව ජනාධිපතිවරයා කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post